Tuesday, March 2, 2010

ඇපල් ස්නෝ පුඩිම

ඇපල් ස්නෝ පුඩිම










අවශ්‍ය ද්‍රව්‍ය :-
ඇපල් ගෙඩි 2ක් හෝ 3ක්
බිත්තර 2
සීනි ග්‍රෑමි 100 ක් හෝ 150ක්
‍ෙජලටින් ‍ෙමිස හැදි 1
දෙහි යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය:-
ඇපල් කුඩා කොටු ආකාරයට කැබලි කර ගන්න. එයට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර සීනි ග්‍රෑමි 50ත් පමණ එයට දමා වතුර තේ කෝප්ප ½ ක් පමණ දමා ඇපල් කැබලි යාන්තමින් තමිබා ගන්න. පසුව කැබලි සහ යුෂ වෙනම වෙන් කර ගන්න. මෙම යුෂවලට ජෙලටින් ‍ෙමිස හැදි 1 මිශ්‍ර තර ජෙලටින් හොදින් දියවන තුරැ මද රස්නෙන් ළිප තබන්න. පසුව මෙය මදක් නිවෙන්න හරින්න. හොදින් වියළි බදුනක් ගෙන එයට බිත්තර සුදු මද 2ක් දමා පෙණ නගින තුරැ බීටි කරන්න. වරින් වර මෙයට සීනි ස්ව්ල්පය බැගින් එක්කරමින් හොදින් ගසන්න. ඉන්පසු දියකරගත් ජෙලටින් මිශ්‍රණයද ස්වල්පය බැගින් දමමින් මිශ්‍රණය උකුවන තුරැ බීටි කර බදුනකට දමා තබන්න. ඇපල් තීරැ පුඩිම ව‍ෙටිට රදවා අලංකාර කර ගන්න.

No comments:

Post a Comment